Sunday, April 7, 2013

Śrī Maha Bodhi

Jaya Siri Maha Bodhi

"In Sri Lanka, there grows to this day, a tree, the oldest historical tree in the world which we know certainly to have been planted as a cutting from the Bodhi tree in the year 245 B.C."
- H.G. Wells

The Sacred Jaya Siri Maha Bodhi in Anuradhapura is reckoned as the oldest surviving historical tree in the world.
Jaya Siri Maha Bodhi was brought to Sri Lanka by the Theri Sangamitta, daughter of Emperor Asoka and was planted in the Mahameghavana Park in Anuradhapura in 249 BC by King Devanampiyatissa.
Jaya Siri Maha Bodhi is said to be the southern branch of the Jaya Siri Maha Bodhi at Buddha Gaya in India under which Lord Buddha attained bodhi or 'Awakening'.




ජය ශ්‍රී මහබෝධීන් වහන්සේ
සිරිමහබෝ ලක්දිවට වැඩමවීමේ විස්තර කථා - මහාවංශය (පිටු අංක 77 සිට 85 දක්වා Pdf 111 )
 සම්මා සම්බුදුරජාණන් වහන්සේසම්‍යක්සම්බෝධියෙන් අට වෙනි වර්ෂයෙහි කැළණි දෙස වූ මණිඅක්ඛිත (නරජුහු ) නිවෙසට වැඩි සේක. එතන්හි ධර්ම දේශනා කොට අහසට නැගී සමන්කුළු මතුයෙහි පා සටහන දැක්වූ සේක. සංඝයා සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහරණය කොට ස්ථානා ස්ථාන දැන්මෙහි ප්‍රවීණ වූ මහා මුනි තෙම පසුව මහ මෙව්නා උයන පිහිටි තැනට වැඩි සේක. ශ්‍රාවක සංඝයා සහිත වූ ලෝකාස්වාමි තෙම මහ බෝ පිහිටි තන්හි සමාධිය අපර්ණය කළ සේක.  පිටු අංක 5 (72) සිට (82).
එසේ නම් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩසිටිනා මේ උතුම් පින් බිම බුදු පහස ලැබුවා වූ සමාජයේ ජාතික සංකේතය වන්නේ ය.  ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අනුස්මරණය කරමින් රජ දරුවන් ප්‍රමුඛ කර ගෙන උඳුවප් පොහොය දිනවලදී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත දිවයිනේ දස දෙසින් මහ ජනතාව පැමිණ මහ බෝ වන්දනාව සිදු කොට තම මුතුන් මිත්තන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා රටට ජාතියට ආශිර්වාද කිරීම අතීතයේ සිට පැවත එන උතුම් ජාතික උත්සවයකි. 
විවිධ ආක්‍රමණ නිසා සිංහල රාජධානිය දකුණට සංක්‍රමණය වෙද්දී ගිහි පැවිදි ජනතා නායකයන් ගෙන් අනුරපුරය ශූණ්‍ය විය. මහා විහාරය ආදී වෙහෙර විහාර නටබුන් විය. එසේ තිබියදීත් කාලිංග මාඝ එලාර වැනි විජාතික පාලකයන්ට හසු වී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ හා උන්වහන්සේ සම්බන්ධ බෝධි මංග්‍යයන් නොනැසී ආරක්ෂා කරදීම ජාතියේ වාසනාවකි. එම උතුම් මෙහෙවර සිදුකළ ශ්‍රී මහා බෝධි ආරක්‍ෂක ජන පිරිසට ජාතියේ උපහාරය පුදකළ යුතුය.
සර්වඥයන් වහන්සේ විසින් සිදුකරනා ලද ” මහාධිෂ්ඨාන පසක්” -(පිටු අංක 75 දහසය වන පරිච්ඡේදය) මෙහි පලමු පිටුවේ සදහන් කර ඇත. මෙම මහාධිෂ්ඨාන පස ට අපගේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ , ථූපාරාම සෑ රජුන්, මහසෑය (රුවන්වැලි සෑ රජුන්) ඇතුලත් වී තිබීමම ශ්‍රී ලාංකිකයන් වන අප වාසනාවන්ත ජාතියකි. මෙය අවබොධයෙන් කියවා අපහට අමතක වී යන අපගේ ඒ ප්‍රෞඩ ඉතිහාසය නැවත මතක් කර ගනිමින් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කිරීමට අවශ්‍යය ශක්තිය වීර්‍ය ලැබේ වා! 
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !  චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !
තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
මහාවංශය පොතෙන් සිරිමහබෝ ලක්දිවට වැඩමවීමේ විස්තර කථා සදහන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 77 සිට 85 දක්වා Pdf 111 කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

No comments:

Post a Comment